
Friday, December 24, 2010
Uni Student

Sunday, August 29, 2010
It's Saturday again...

Monday, July 26, 2010
සොඳුරු මිනිසකුගේ නික්මයාම...
Wednesday, April 14, 2010
Sometimes I feel...

Sometimes I feel,
Why we were born alone
and supposed to live together..?
Why we were born soft
and supposed to live in this rough world..?
Why we were born different
and supposed to be equal..?
Why we were born wild
and expected something called ‘humanity’..?
God! Why you created worst
and asks for the perfect..?
Image source: http://www.flickr.com/photos/emagic/56206868/
My Screwed New Year Wish...
Tuesday, March 9, 2010
Music, Books & Friends
Friday, February 19, 2010
Night & the Darkness
Monday, February 15, 2010
Sekara & Me

Whatever You Call It
Sunday, February 14, 2010
My migration to Linux

This blog post is related to my personal Linux experience. First I've to apologize for using English language in my Sinhala Unicode blog site. But I think when we are talking about technology, still it is easy to use English language, because some IT terms are not much familiar with our language.
Since I got to know that I'm using pirated copies of Windows and other software, my mind was filled with guilt. But because of my very poor computer knowledge (I'm not saying my knowledge is good now, but at that time the condition was relatively worse) there was no other option unless using them even with that guilt. My time was passing with computers and I heard about Linux and later about FOSS. There I found the freedom I was searching. Source code was the last thing on my mind and just wanted to be a legitimate user. As an O/L student, I installed my first Linux OS (Mendrake Linux???) after trying several times. Woof! That was a tough job for me. But after succeeding in installation, even seeing those lines 'loading linux kernel...’ delighted me. I always wanted to be a geek and behind the word 'Linux' I saw that geekness. But unfortunately my first Linux experience ended in few months after realizing that being a computer geek is not easy as they appear on Sci-Fi movies. I had to give up and stay as a 'stupid Windows user', but never doubted the power of open source software and the importance of using FOSS as a developing country. I was glad to see Microsoft agents hanging around
Same as my previous blog posts (including few posts in my computer with no endings) this post also going to be too long. So I mark the end of this post from here. The rest of my story and my future steps on Linux will be published as new blog posts. I think I’ve used to exploit the freedom in blogging by writing crazy notes like this.
Thursday, December 31, 2009
අපේ ලොවට නව වසරක්...
අද...2009 අවුරුද්දෙ අන්තිම දවස. ඊයේ දිනයේ ආරම්භ කරපු මගේ ළදරු බ්ලොග් සටහනට තවත් සටහනක් එකතු කරන්න ඉක්මන් වැඩි උනත් මගේ ජීවිතයටත් අපේ මාතෘ භූමියටත් ඉතාමත්ම වැදගත් වෙන වසරක නැවතත් සටහනක් තබන්න ඉඩක් නොලැබෙන නිසා අදත් බ්ලොග් සටහනක් ලියන්න හිතුවා. කවුරු කොහොම කිව්වත් අපේ රටට නියම නිදහස ලැබුනේ තවත් පැය කිහිපයකින් ඉතිහාසයට එකතු වෙන මේ වසරේ කියලයි මම නම් හිතන්නේ. නිර්ලජ්ජිත දේශපාලනය නිසා මිනිස්සු මේ වග මෙතරම් ඉක්මනින් අමතක කිරීම කණගාටුවට කාරණයක්. යුධ ජයග්රහන ලැබූ මොහොතේ එක රටක් එක ජනතාවක් කියන අදහස තිබුනු අපි සැබෑ නිදහස දිනාගත් වසර ගෙවිලා යන්නත් පෙර දෙපිළකට බෙදීම දෛවයේ සරදමක් වගේ. මගේ දෙවෙනි සටහනේදිම කියන්න කැමතියි මේ මොහොතේ මම කිසියම් දේශපාලන ප්රවාහයකට සහයෝගය දක්වන බව. ලංකාවේ දේශපාලනය මොනතරම් පිළිකුල් සහගත උනත් 'අපිට දේශපාලනයක් නෑ' කියන කථාවට මම කිසිසේත්ම එකඟ වෙන්නේ නහැ. මේ රට ලෝකයේ ඉතාම බුද්ධිමත්, දක්ෂ ජාතියක් වෙසෙන වාසනාවන්ත රටක් බව මම තදින්ම විශ්වාස කරනවා. දේශපාලනයේ වැරදි ඇත්නම් ඒවා නිවැරදි කළ යුත්තේ අපම මිස වෙනත් කිසිවකුට අප වෙනුවෙන් රට ගොඩනැඟීමේ සැබෑ අවශ්‍යතාවයක් නැති බව අප වටහාගත යුතුයි. සර්ව සාධාරණ පාලනයක් දේශපාලඥයින් යැයි කියන බොහෝ විට සාමාන්‍ය ජනතාවටත් වඩා පහත් මානසික මට්ටමක සිටින මිනිසුන් පිරිසකගෙන් බලාපොරොත්තු වීම කොතරම් සාධාරණ ද කියලා නැවතත් සිතා බැලිය යුතුයි.
පළමු බ්ලොග් සටහනට ඡේද වෙන්කරන්න කියලා දයාබර ප්‍රතිචාරයක් තිබුන නිසා අලුත් ජේදයකින් ආරම්භ කළත් මගේ සටහනේ ගලා යෑම ඒ ආකාරයෙන්ම සිදුවේවි. ප්‍රතිචාර ගැන මතක් කළ නිසා ඒ ගැනත් සඳහනක් කරන්නේ ඉතාම සතුටින්. මෙවැනි අඩු කාලයකදී පාඨක ප්‍රතිචාරත් බ්ලොග් කරුවන්ගේ සංසදයේ ඉක්මන් ප්‍රතිචාරයත් මම කිසිසේත් බලාපොරොත්තු උනේ නෑ. එවා තුලින් දැකිය හැකි වන්නේ ලංකාවේ බ්ලොග් සටහන් පිළිබඳව ඇති පිබිදීම පමණක් නොවෙයි. අලුත් විදියකට හිතන අලුත් විදියකට කටයුතු කරන තරුණ පරපුරක් ගැන උණුසුම් බලාපොරොත්තු මම මේ ප්‍රතිචාර තුළින් ඇතිකරගන්නවා. එයින්ම මගේ කලින් මාතෘකාවට ගියොත්, අපි තරුණයන් වන්නේ අපේ රටේ ඉතාමත්ම වාසනාවන්ත කාලයක බවත් අපගේ මුතුන්මිත්තන් පමණක් නොව මෑත ඉතිහාසයේ මේ පොළව යට මිහිදන් වුනු අපේම සොයුරු සොයුරියන්ගේ ජීවිත පූජාවනුත් වඩාත් අර්ථවත් කළ හැක්කේ අපේම එකමුතුවෙන් මව්බිම ගොඩනැඟීමෙන් බවත් අප තේරුම් ගත යුතුයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් මේ අදහස කොතරම් දුරට අපේ මනසට ලබාදෙනවාද යන්න ගැටළුවක්. නමුත් ලෝකය අපට පෙන්වන දේ අපේම ඇසකින් දකින්නට පුරුදු වීමෙන් දීප්තිමත් අනාගතයක් සඳහා අපගේ දායකත්වය ලබාදිය යුත්තේ කෙසේද යන්න තේරුම් ගැනීම පහසු වන බව මගේ හැඟමයි. බහුතරයක් වූ බලලෝභී දේශපාලඥයින්ගෙන් අප බලාපොරොත්තු වන සංවර්ධනය ලබාගත නොහැකි බව පැහැදිළි කාරණයක් වුවත් අපගේ අරමුණට සාපේක්ෂව ආසන්න පාලනයක් තෝරා ගැනීම කළයුතු වන්නේ ඵල රහිත අරගල වලට වැඩි යමක් එමඟින් ලබාගත හැකි වන නිසයි. නව වසර ආරම්භයේදිම මම මේ කියන කාරණයට අදාලව අප සැමට කටයුතු කරන්න සිදුවන නිසා තමයි මගේ දෙවැනි බ්ලොග් සටහන මෙවැනි අදහසක් ඇතුව ලියවුනේ. කිසියම් දේශපාලනික අර්ථයක් ගැබ්වෙලා තිබීම නිසාම සමහර පාඨකයෙක් මෙයින්ම මගේ බ්ලොග් සටහන කියවීම නතර කළොත් ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. නමුත් උදහස් නොවී දිගටම මගේ බ්ලොග් සටහන කියවන ලෙස ආරාධනා කරමින් මීට වඩා ලියන්නට බලාපොරොත්තු වූ සටහන නව වසරේ උදාව නිසාම මෙතනින් අවසාන කරනවා.
ඔබ සැමට සුබ නව වසරක් වේවා!
෴
Wednesday, December 30, 2009
Digital සිහින, පිවිසුම...
මම අන්තර්ජාලයේ දැකපු හොඳම දේ තමයි සිංහලෙන් බ්ලොග් ලිවීම. නොයෙකුත් ආයතන පරිගණකය දේශීයකරණය කිරීම ගැන මොනතරම් කතාකරත් මට ඒක ඇත්තටම අත්විඳින්න ලැබුනේ සිංහල බ්ලොග් වලින්. පාසල් යන කාලෙ මිතුරන් අතරෙ පරිගණක සම්බන්ධව තරමක 'පොරක්' වෙලා හිටියත් අපි මොක්කු ද කියල හිතුනෙ කාලිංග වගේ සහෝදරයන්ගෙ බ්ලොග් සටහන් දැක්කම. පරිගණක ක්ෂේත්රයේ විවිධ අංශ ගැන තරමක දැනුමක් කුඩා කාලේ ඉඳලා තිබුනත් අන්තර්ජාල සම්බන්ධතාවය ලැබෙනකන්ම මට බ්ලොග් ලිවීම ගැන නම් කිසිම දැනුමක් තිබුනෙ නෑ. නමුත් අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුනට පස්සෙ පොඩි කාලෙ ඉඳලා තිබුන 'සොයා යෑමේ අමාරුව' නිසා ඉක්මනින්ම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. මම කවදත් සිටිනවා යැයි විශ්වාස කළ ශ්‍රී ලාංකික බුද්ධිමත් තරුණ පරම්පරාව මේ සිංහල බ්ලොග්කරුවන් අතර දැකීමෙන් මට දැනුනේ පුදුම සතුටක්. මටත් ඔවුන් සමඟ එක් වීමට වගේම සා.පෙ. ලියන කාලෙ ඉඳලා තිබුනු වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමේ අසාව සන්සිඳවා ගැනීමටත් කළ යුතු හොඳම දේ මමත් බ්ලොග් සටහනක් ලිවීම බව තේරුම් අරගෙනත් බ්ලොග් සටහනක් ලියන්න මේතරම් ප්‍රමාද උනේ සටහන් කරන්නේ මොනවද කියන දේ ගැන මට අදහසක් නොතිබුන නිසා. හිතනකොට ලියන්න ගොඩක් දේවල් තිබුනත් ඒ කිසිම දේක සංවිධානාත්මක බවක් තිබුනෙ නෑ. මට හිතන දේවල් එක විෂයකට හෝ එක ක්ෂේත්රයකට කොටු කරන්නේ කොහොමද? කොහොම නමුත් පොඩි කාලෙ ඉඳලා එකතු කරගත්ත දේවල් තවදුරටත් මගේ ඔලුව ඇතුලෙම හිරකරගෙන හිඳීම අමාරු නිසා පත්තරේකටවත් ලියනවා කියල මම තීරණය කරලයි තිබුනේ. කවියක්, සටහනක් පුවත්පතක පළවෙලා තිබුනත් සමාජයට අවශ්‍ය හරවත් යමක් ලිපියකට ගොනු කරගැනීම පහසු කාරණයක් නොවෙන බව මට තේරුම් ගියේ පුවත්පත් ලිපි කිහිපයක් හිත ඇතුලෙම ගොනු වෙලා වියැකිලා ගියාට පසුවයි. මේ අතරෙදි තමයි මට බ්ලොග් සටහන් ගැන යම් දැනුමක් ලැබුනේ. මුලින්ම බ්ලොග් සටහනක් කියවද්දි මට ආවෙ 'මොනතරම් වැදගත් උනත් ලස්සන උනත් මේවා කියවන්නේ මොකාද? අපරාදෙ මුන්ගෙ මහන්සිය...' වගේ අදහසක්. නමුත් මටත් නොදැනීම මමත් බ්ලොග් සටහන් වල පාඨකයෙක් උනා. ඒ වගේම බ්ලොග්කරුවන්ගේ සංසදය, excel world වල පැවැත්වුනු බ්ලොග්කරුවන්ගේ හමුව වගේ දේවල් දැක්කම මේ ප්රවාහයට එකතු නොවී ගතකරන හැම දවසක්ම අපරාධයක් කියලයි මට හිතුනේ. ඉතින් මමත් හිතට එන හැමදේම ලියනවා කියල හිතාගෙන පටන්ගත්ත බ්ලොග් සටහනක්. මෙහිදී මම දැකපු වැදගත්ම දේ තමයි සරල භාෂාවෙන් ලියන්න පුළුවන් වීම. පුවත්පතකට මේ වගේ සටහනක් ලියන්න බැහැනේ. ලංකාවෙ පුවත්පතකට තරම් පාඨක පිරිසක් නැති උනත් අපි වගේම හිතන අපිට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය පිරිසකට නිදහසේ කතාකරන්න පුළුවන් හොඳම ක්‍රමය හැටියට මම දකින්නෙ බ්ලොග් ලිවීම. සමහරවිට බ්ලොග් ලිවීම කියන්නේ මම සඳහන් කරපු දේ නොවෙන්න පුළුවන්, නමුත් මම මේ දේ තේරුම් ගන්නෙත් යොදා ගන්නෙත් බොහෝ දුරට මේ අර්ථයෙන්. මේ සටහන් කියවන එක පාඨකයක් හෝ සිටිනවා නම් ඒක මට විශාල සතුටක්. පරිගණක තාක්ෂණය වගේ විෂයන් ගැන ලියන්න ආසාවක් තිබුනත් ඒ ක්ෂේත්රය ගැන මට වඩා ලොකු දැනුමක් තියෙන බොහෝ දෙනෙක් බ්ලොග් සටහන් ලියන නිසා මම වෙනත් දේවල් ගැන ලියන්නයි හිතාගෙන ඉන්නේ. අවස්ථාවක් ලැබෙන විදියට හැමෝටම වැදගත් වෙන යමක් මගේ බ්ලොග් සටහනෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ සටහන කියවන ඔබගේ ප්රතිචරත් මට ලොකු ධෛර්යක්.





