මම අන්තර්ජාලයේ දැකපු හොඳම දේ තමයි සිංහලෙන් බ්ලොග් ලිවීම. නොයෙකුත් ආයතන පරිගණකය දේශීයකරණය කිරීම ගැන මොනතරම් කතාකරත් මට ඒක ඇත්තටම අත්විඳින්න ලැබුනේ සිංහල බ්ලොග් වලින්. පාසල් යන කාලෙ මිතුරන් අතරෙ පරිගණක සම්බන්ධව තරමක 'පොරක්' වෙලා හිටියත් අපි මොක්කු ද කියල හිතුනෙ කාලිංග වගේ සහෝදරයන්ගෙ බ්ලොග් සටහන් දැක්කම. පරිගණක ක්ෂේත්රයේ විවිධ අංශ ගැන තරමක දැනුමක් කුඩා කාලේ ඉඳලා තිබුනත් අන්තර්ජාල සම්බන්ධතාවය ලැබෙනකන්ම මට බ්ලොග් ලිවීම ගැන නම් කිසිම දැනුමක් තිබුනෙ නෑ. නමුත් අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුනට පස්සෙ පොඩි කාලෙ ඉඳලා තිබුන 'සොයා යෑමේ අමාරුව' නිසා ඉක්මනින්ම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. මම කවදත් සිටිනවා යැයි විශ්වාස කළ ශ්‍රී ලාංකික බුද්ධිමත් තරුණ පරම්පරාව මේ සිංහල බ්ලොග්කරුවන් අතර දැකීමෙන් මට දැනුනේ පුදුම සතුටක්. මටත් ඔවුන් සමඟ එක් වීමට වගේම සා.පෙ. ලියන කාලෙ ඉඳලා තිබුනු වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමේ අසාව සන්සිඳවා ගැනීමටත් කළ යුතු හොඳම දේ මමත් බ්ලොග් සටහනක් ලිවීම බව තේරුම් අරගෙනත් බ්ලොග් සටහනක් ලියන්න මේතරම් ප්‍රමාද උනේ සටහන් කරන්නේ මොනවද කියන දේ ගැන මට අදහසක් නොතිබුන නිසා. හිතනකොට ලියන්න ගොඩක් දේවල් තිබුනත් ඒ කිසිම දේක සංවිධානාත්මක බවක් තිබුනෙ නෑ. මට හිතන දේවල් එක විෂයකට හෝ එක ක්ෂේත්රයකට කොටු කරන්නේ කොහොමද? කොහොම නමුත් පොඩි කාලෙ ඉඳලා එකතු කරගත්ත දේවල් තවදුරටත් මගේ ඔලුව ඇතුලෙම හිරකරගෙන හිඳීම අමාරු නිසා පත්තරේකටවත් ලියනවා කියල මම තීරණය කරලයි තිබුනේ. කවියක්, සටහනක් පුවත්පතක පළවෙලා තිබුනත් සමාජයට අවශ්‍ය හරවත් යමක් ලිපියකට ගොනු කරගැනීම පහසු කාරණයක් නොවෙන බව මට තේරුම් ගියේ පුවත්පත් ලිපි කිහිපයක් හිත ඇතුලෙම ගොනු වෙලා වියැකිලා ගියාට පසුවයි. මේ අතරෙදි තමයි මට බ්ලොග් සටහන් ගැන යම් දැනුමක් ලැබුනේ. මුලින්ම බ්ලොග් සටහනක් කියවද්දි මට ආවෙ 'මොනතරම් වැදගත් උනත් ලස්සන උනත් මේවා කියවන්නේ මොකාද? අපරාදෙ මුන්ගෙ මහන්සිය...' වගේ අදහසක්. නමුත් මටත් නොදැනීම මමත් බ්ලොග් සටහන් වල පාඨකයෙක් උනා. ඒ වගේම බ්ලොග්කරුවන්ගේ සංසදය, excel world වල පැවැත්වුනු බ්ලොග්කරුවන්ගේ හමුව වගේ දේවල් දැක්කම මේ ප්රවාහයට එකතු නොවී ගතකරන හැම දවසක්ම අපරාධයක් කියලයි මට හිතුනේ. ඉතින් මමත් හිතට එන හැමදේම ලියනවා කියල හිතාගෙන පටන්ගත්ත බ්ලොග් සටහනක්. මෙහිදී මම දැකපු වැදගත්ම දේ තමයි සරල භාෂාවෙන් ලියන්න පුළුවන් වීම. පුවත්පතකට මේ වගේ සටහනක් ලියන්න බැහැනේ. ලංකාවෙ පුවත්පතකට තරම් පාඨක පිරිසක් නැති උනත් අපි වගේම හිතන අපිට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය පිරිසකට නිදහසේ කතාකරන්න පුළුවන් හොඳම ක්‍රමය හැටියට මම දකින්නෙ බ්ලොග් ලිවීම. සමහරවිට බ්ලොග් ලිවීම කියන්නේ මම සඳහන් කරපු දේ නොවෙන්න පුළුවන්, නමුත් මම මේ දේ තේරුම් ගන්නෙත් යොදා ගන්නෙත් බොහෝ දුරට මේ අර්ථයෙන්. මේ සටහන් කියවන එක පාඨකයක් හෝ සිටිනවා නම් ඒක මට විශාල සතුටක්. පරිගණක තාක්ෂණය වගේ විෂයන් ගැන ලියන්න ආසාවක් තිබුනත් ඒ ක්ෂේත්රය ගැන මට වඩා ලොකු දැනුමක් තියෙන බොහෝ දෙනෙක් බ්ලොග් සටහන් ලියන නිසා මම වෙනත් දේවල් ගැන ලියන්නයි හිතාගෙන ඉන්නේ. අවස්ථාවක් ලැබෙන විදියට හැමෝටම වැදගත් වෙන යමක් මගේ බ්ලොග් සටහනෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ සටහන කියවන ඔබගේ ප්රතිචරත් මට ලොකු ධෛර්යක්.
෴

දිගටම ලියන්නකෝ..
ReplyDeleteපොඩ්ඩක් paragraph කඩලා ලියන්න..
මෙහෙම දැක්කම ටිකක් කම්මැලියි වගේ කියවන්න..
All the Best !!!
බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට...මේක දැක්කම මටත් හිතෙනවා ගණදෙවි හෑල්ල වගේ කියලා... :P :D
ReplyDeleteදිගටම ලියන්න බලන්න ඕනතරම අය ඉන්නවා
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරා නම ලේසියි
බොහෝම ස්තුතියි! මම උත්සාහ කරන්නම්...
ReplyDeletemalli lassanata liyala tiyanawa.ohoma yamu
ReplyDeletethanks for the Anonymous comment. :)
ReplyDeleteAththtatama sira adahasa mchn...ohoma yan....kiyawanna api innawa.....
ReplyDeletethanks gayyo! :) :)
ReplyDelete